සිසුන් 400කට අධික සංඛ්‍යාවකගේ අධ්‍යයන ජයග්‍රහණයන් අභිමානයෙන් යුතුව සමරමින් Oxford Chester of University (OCU) ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය, 2026 මැයි 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් (Hon. Hanif Yusoof) මැතිතුමාත්, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ඉන්දියාවේ ගුරු කාෂි විශ්වවිද්‍යාලයේ (Guru Kashi University,Punjab,India) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය සීඩ් ඛාන් (Dr. Zheed Khan) මහතාත් සහභාගී වන ලදී.
Oxford Chester of University (OCU) කුලපති, පූජ්‍ය ආචාර්ය කිරිඳේ අස්සජි ස්වාමින් වහන්සේ නියෝජනය කරමින්, පූජ්‍ය ආචාර්ය පැලටුවේ ඥානරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙම උත්සව සභාව වඩාත් අර්ථවත් වූ අතර මෙරට සිටින සම්භාවනීය තානාපතිවරුන් රැසකගේ සහභාගීත්වය මෙම උත්සවය වර්ණවත් වීමට හේතු විය.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (H.E. David Pine) මහතා, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගස්ටිනා ටෝබින් (H.E. Dewi Gustina Tobing) මහත්මිය, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේපාල තානාපති මහතා ද Oxford Chester of University (OCU) කළමනාකාරීත්වය නියෝජනය කරමින් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සහ ගයාන් ඉද්දමල්ගොඩ මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූ බව ගෞරවයෙන් සදහන් කල හැකිය.
එමෙන්ම අප සිසුන් දිරිමත් කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ Oxford Chester of University (OCU) උපදේශකවරුන් සහ සම්භාවනීය මහාචාර්යවරුන් වන මහාචාර්ය සුරංග සිල්වා, මහාචාර්ය ගාමිණී රණසිංහ, මහාචාර්ය රත්නසිරි රත්නායක, මහාචාර්ය සම්පත් සිරිවර්ධන යන මහත්ම මහත්මීන්වෙ ත අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු. ආදරණීය හා අභිමානවත් දෙමාපියන්, පවුලේ හිතවතුන්, Oxford Chester of University (OCU)හි සමස්ත කාර්ය මණ්ඩලය සහ සියලුම ඩිප්ලෝමධාරින්ගේ සහභාගීත්වය මෙම සුවිශේෂී කඩඉම තව තවත් අමතක නොවන මතකයක් බවට පත් කළ බව සතුටින් සදහන් කිරීමට කැමැත්තෙමු.
ඩිප්ලෝමාලාභී සියලුම දෙනාට අපගේ උණුසුම් සුභපැතුම්! ඔබ ලැබූ මෙම ජයග්‍රහණය, සමාජයේ යහපත උදෙසා විශිෂ්ටත්වයෙන්, නායකත්වයෙන් සහ නිරන්තර අධ්‍යයනයෙන් පෙරටම යන්නට ඔබට සදාකාලික ශක්තියක් වේවා!
🎓 Oxford College of Uni. (OCU) Diploma Awarding Ceremony 2026 🎓
The OCU Diploma Awarding Ceremony was successfully held on 28th May 2026 at the prestigious Bandaranaike Memorial International Conference Hall (BMICH), celebrating the achievements of more than 400 graduates.
We were deeply honored by the presence of Hon. Hanif Yusoof, Governor of the Western Province, as the Chief Guest, and Dr. Zheed Khan, Senior Professor and Head of Academics of Guru Kashi University, as the Guest of Honour.
Representing the Chancellor of OCU, Most Venerable Dr. Kirinde Assaji Thero, the ceremony was graced by the presence of Most Venerable Dr. Palatuwe Gnanarathana Thero.
The event was further distinguished by the attendance of esteemed diplomats, including: 🇳🇿 H.E. David Pine, High Commissioner of New Zealand to Sri Lanka 🇮🇩 H.E. Dewi Gustina Tobing,Ambassador of Indonesia to Sri Lanka and the Maldives 🇳🇵 Ambassador of Nepal to Sri Lanka and the Maldives Representing the OCU Management were Dr. Dulan Hettiarachchi and Mr. Gayan Iddamalgoda.
We also extend our sincere appreciation to OCU Advisors and distinguished academics:
The ceremony was made even more memorable by the presence of proud parents, families, OCU all staff, and graduates who celebrated this significant milestone together.
Congratulations to all graduates. May your achievements inspire you to pursue excellence, leadership, and lifelong learning as you contribute positively to society.